එහෙ රස්නෙ වැඩි නිසා තමයි මම රටඉදි ඉන්දෙව්වෙ - හිස්බුල්ලාගේ හෙළිදරව්ව
Tuesday, 24 November 2020 - 13:28 | Views - 459
අලියාර් ගැටුමෙන් පසු වරෙන්තු ලැබ සැඟව සිටි සහරාන් හෂීම්ට, පැමිණ අධිකරණයට භාර වුවහොත් ඉදිරි කටයුතු තමන් කරන්නම් යැයි නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් පාස්කු ජනපති කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කළා.

සහරාන් සමඟ පැවති සබදතා සහ ශ්‍රී ලංකා හිරා පදනම සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපති කොමිසම දිගින් දිගටම ප්‍රශ්න කරනු ලැබුවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඊයේ සාක්ෂි ලබාදුන්නේ පළමුවරටයි.

රජයේ අධිනීතිඥවරයා -
" ශ්‍රී ලංකා හීරා පදනමට අයත් ලංකා බැංකු ගිණුම් තිබෙනවා ද?"

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -

" ඔව් මුලින්ම 1993 විවෘත කළා. ඊට පස්සෙ 2011න් පස්සේ ආයෙත් විවෘත කළා."

රජයේ අධිනීතිඥවරයා -
" ඔබේ හීරා පදනමට කොහොමද මුදල් ලබාගන්න තීරණය කළේ ?"

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" මුලින්ම අපි පොඩි පොඩි වැඩ තමයි කළේ. ඊට පස්සෙ 2015 ඉදලා තමයි ක්‍රියාකාරීව වැඩ කරන්න ගත්තේ"

රජයේ අධිනීතිඥවරයා -
" ඒ වැඩවලට විදේශ මුදල් ආවේ කොයි කාලෙද ?"

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" 2016 අවුරුද්දේ මාර්තු මාසයෙන් පස්සේ තමයි විදේශ මුදල් ආවේ. සෞදියේ අලි අබ්දුල්ලා අල් ජුෆාලි රුපියල් මිලියන 308 ක් දුන්නා. ලන්ඩනයේ සිද්ධික් සහ ඩයනා ඔස්මන් යුවළ රුපියල් ලක්ෂ 55 ක් දුන්නා. "

රජයේ අධිනීතිඥවරයා -
" සෞදි අරාබියේ ඔබට තිබෙන සම්බන්ධතා මොනවාද ?"

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" අලි අබ්දුල්ලා සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු හඳුනනවා "

අනතුරුව ජනාධිපති කොමිසම සතුව මේ වනවිට පවතින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සිබිලි ෆාරුක් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සමඟ සහරාන් හෂීම් ඇතුළු පිරිසක් සාකච්ඡාවක නිරත වෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය සාක්ෂිකරුගේ අවධානයට යොමු කළා.
(( මේ වීඩියෝ එක 2020 සැප්තැම්බර් 12 අපි ගැහුවා. Without tag එකෙන් ගන්න.))
මෙම සාකච්ඡාවට අනුව එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අරාබියෙන් ලැබී තිබූ රියාල් මිලියනයක පමණ මුදලක් සම්බන්ධයෙන් සහරාන් හෂීම් සහ සිබිලි ෆාරුක් සංවාදයක යෙදෙන අතර එම මුදල හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් ලැබෙන හෝ හීරා පදනම මඟින් ලැබෙන ඒවාද යන්න සම්බන්ධයෙන් ඔවුන් එහිදී වැඩිදුරටත් සාකච්ඡා කරනු ලබනවා.

එමෙන්ම සහරාන් හෂීම් මෙහිදී ප්‍රකාශ කරන්නේ හිස්බුල්ලාගේ කටයුතු සඳහා අරාබියෙන් එලෙස මුදල් ගෙන කටයුතු කිරීම පිළිබඳව තමන්ට ගැටලුවක් නොමැති බවයි.  

මෙම වීඩියෝ පටිය සම්බන්ධයෙන් සාක්ෂිකාර හිස්බුල්ලා මහතා කරුණු දැක්වූවා.
එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -

" 2015 වෙනකොට මට එරෙහිව සම්පූර්ණයෙන් වැඩ කළේ සහරාන් මට විරුද්ධ වුණ සිබිලි ෆාරුක් ඇතුළු පිරිස සමඟ තමයි මේ සහරාන් කතාකරන්නෙ. ඒකෙදි කියනවනේ මිලියනයක් රියාල් මට ලැබුනා.. ඒවා දේශපාලනයට මම පාවිච්චි කළානම් කමක් නැහැ කියලා. නමුත් මම ඒවා දේශපාලනයට පාවිච්චි කළේ නැහැ. "

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -
" ඒ කියන්නේ එහෙම මුදලක් ලැබුණා? "

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" ඔව් ලැබුණා. Projects සඳහා තමයි ඒවා ආවෙ. අනික සහරාන් එතන කියනවානෙ සල්ලි ආවට කමක් නැ කියලා "

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -
" ඒ කියන්නේ සහරාන් ඔබට විරුද්ධව නෙවෙයිනෙ වැඩ කරලා තියෙන්නේ ?"

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" නැ නැ ස්වාමීනි විරුද්ධව තමයි වැඩ කළේ "

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -
" විරුද්ධ නම් ඇයි මැතිවරණයට ගිවිසුම් ගත වුණේ සහරාන් සමඟ ?"

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" එයා social media ඇවිත් වීඩියො එකක් දැම්මා එයා සහය දෙන්නම් එකතු වෙන්න කියලා. ඊට පස්සෙ ඔක්කොම පක්ෂ එයාට සහය දුන්නා. මමත් ගියා ඒ නිසා "

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -
" 2017 මාර්තු 10 අලියාර් මංසන්ධියේ සිද්ධිය වුණේ කොහොමද ?"

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" එතනදිත් මගේ අයට තමයි සහරාන්ගෙ අය ගැහුවෙ "

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -
" ඔය ගැටුමෙන් පස්සෙ සහරාන්ට වරෙන්තු නිකුත් වෙලා සහරාන් හැංගුනානෙ. ඔබ සහරාන්ගෙ මවගෙ අතේ පණිවුඩයක් යැව්වද සහරාන්ට, ඇවිත් උසාවියට භාරවෙන්න මම බලගන්නම් කියලා ?"

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" නැ ස්වාමීනි. මගේ පක්ෂයේ කවුරු හරි කිව්වද දන්නැ එහෙම ඇවිත් භාරවෙන්න එතකොට ඇමති තුමා බලාගනිවී කියලා. මම නම් දන්නෙ නැහැ ඒ ගැන "

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු -
" ඔච්චර දේවල් වුණත් ඔබ සහරාන්ට විරුද්ධව පැමිණිල්ලක් දැම්මේ නැහැ නේද ?"

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" නැහැ ස්වාමීනි "

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු -
" ඔබ නේද කාත්තන්කුඩියේ රට ඉඳි වවලා, ආරාබි අක්ෂරවලින් නාම පුවරු ගහලා ඒක අරාබියක් කළේ ?"

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" ඔව්. ඒක එහෙ රස්නෙ වැඩි නිසා තමයි මම රට ඉදි ඉන්දෙව්වෙ. අනික ඇරබික් students වැඩියෙන් එන පැත්තක් නිසා එයාලව attract කරගන්න තමයි අරාබි අකුරු ගැහුවේ. "

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු -
" ඒකද නැත්නම් ඔවුන් කියපු නිසාද ?"

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" නැ නැ මට ලස්සන කරන්නයි ඕන වුණේ "

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට 7 වැනි දිනටත් අද පැමිණියා.
අප වාර්තාකරු සඳහන් කළේ හිටපු ජනාධිපති වරයා මේ වන විටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටින බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top