කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශවල ජනතාවට සහන දෙන්නැයි විපක්ෂ නායක කියයි
Tuesday, 24 November 2020 - 13:20 | Views - 279
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දින විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
අද විවාදයට ගැනෙන්නේ බුද්ධශාසන හා ආගමික කටයුතු, පළාත් පාලන, රාජ්‍ය පරිපාලන ඇතුලු අමාත්‍යාංශ හතරක වැයශීර්ෂයන්.
පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රකාශයක් සිදුකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව මුහුණදී ඇති දුෂ්කරතාවන් පිළිබඳව කඩිනම් සහන සළසන ලෙසයි.
ඊට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පිළිතුරු ලබාදුන් අතර, සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරද මැදිහත්වුණා.
Share This Article