හුස්ම ගන්න අපහසු වී බිම වාඩි වූ සිසුවිය ළඟට කිසිම ගුරුවරයෙක් ඇවිත් නැහැ
Tuesday, 24 November 2020 - 10:24 | Views - 355
ඇඹිලිපිටිය නගර මැද පිහිටි පාසලක නව වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවක් ඊයේ (23) පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේදී හුස්ම ගැනීමේ අපහසුතාවයට ලක් වු අවස්ථාවේ ගිලන් රථයක් එනතුරු ඇයට කිට්ටු වීමට ගුරුවරුන් පවා මැළිවීම හේතුවෙන් පාසල් භූමි තුළදී හදසියේ අසනීප වන දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුව පැන නඟින බව මව්පියන් පවසනවා.

හුස්ම ගැනීමේ අපහසුතාවයට නිසා වැටෙන්නට ගිය විට සහෝදර ශිෂ්‍යාවන්ගේ උදව් ඇතුව බිම වාඩි වූ මේ ශිෂ්‍යාව සමීපයට ගුරුවරුන් හෝ ගුරුවරියන් කිසිවෙකුත් ළංවී නැහැ.

පාසලෙන් කළ දැනුම්දීමක් මත සුවසැරිය ගිලන් රථයක් විදුහලට පැමිණ බිම වැතිරී සිටි සිසුවිය ඇඹිලිපිටිය මහ රෝහලට ගෙන ගොස් තිබෙනවා.

දැරිය සමඟ රෝහලට යාමට ගුරුවරියකට හෝ වෙනත් බාරකාරියකට එන්නැයි ගිලන් රථයේ කාර්ය මණ්ඩලය කතා කළත්, කිසිවෙකු හෝ ඊට ඉදිරිපත් නොවීම නිසා බාරකරුවෙකු නොමැතිව මේ දැරිය ඇඹිලිපිටිය දිසා මහ රෝහල වෙත ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රෝහලට ගෙන ගිය වහාම ඇය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබුණා. මේ සම්බන්ධයෙන් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය මහතා පැවසුවේ හුස්ම ගැනීමේ අපහසුතාව නිසා තිබූ එම සිසුවිය ප්‍රතිකාරවලින් පසු සුවය ලැබූ බවයි.

"මේක හොඳ ප්‍රවණතාවයක් නෙවෙයි. පාසල් භූමියට ළමයා ගියාම ගරුවරු භාරයේ ළමයි ඉන්නේ. ඒ අයට හදිසි අසනීපයක් හැදුණොත් අහක බලන ගුරුවරුන්ගෙන් ළමයින්ට ඇති ආරක්ෂාව මොකද්ද? ගිලන් රථ සේවයේ ආපු මහත්වරුන්ගේ කාරුණික බවත්, ඇඹිලිපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ මැදිහත් වීමත් නිසා දරුවාගේ ජීවිතේ බේරුණා. මේක මේ පාසලේ වුණා වගේ වෙනත් පාසලක නොවෙන්න අධ්‍යාපන බලධාරින් ක්‍රමයක් හදන්න.. ගුරුවරුන් කියන්නේ කොරෝනා තිබුණා නම් ඔහොම කියන එකක් නෑ කියලා. එහෙම කියලා හදිසියේ අසනීප වන ළමයෙකුගේ වගකීම ගන්නේ කවුද?" යැයි සිද්ධිය සම්බන්ධයෙන් දෙමව්පියන් චෝදනා කරමින් කියා සිටියා.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම-
අජිත්ලාල් ශාන්තඋදය
දාපනේ ජයන්ත නානායක්කාර
(ලංකාදීප පුවත්පත.)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top