ලොව වැඩිම වාර ගණනක් භාවිත කළ වචනය ”කොරෝනා”
Tuesday, 24 November 2020 - 10:11 | Views - 385
මේ වසරේ වැඩිම වාර ගණනක් ලොව භාවිත කළ වචනය බවට “කොරෝනා වෛරස්” පත්ව තිබෙනවා.
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂය සකසන සහ යාවත්කාලීන කරනු ලබන සංවිධානය සෑම වසරකම ලොව වැඩියෙන්ම භාවිත කළ වචනය නම් කරනු ලබනවා.
මේ වසරේදී එලෙස වචන කිහිපයක් ඔවුන් හඳුනාගෙන ඇති අතර, ඊට ලොක් ඩවුන් සහ වර්ක් ෆ්‍රොම් හෝම් යන වචනද ඇතුළත්.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් කෝටි හයකට ආසන්න වී තිබෙනවා.
එය දැක්වෙන්නේ පන්කෝටි අනූ හතර ලක්ෂ අනූ පන්දහස් පන්සිය හැත්තෑ හතරක් ලෙසයි.
මරණ සංඛ්‍යාව 14 ලක්ෂ 1,516 ක් ලෙස සටහන් වනවා. ගතවූ පැය විසි හතරේ වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් තවදුරටත් ඇමරිකාවෙන් වාර්තාවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article