ඉන්දුනීසියාවේ පැපුවා ප්රදේශයේ ෆැක්ෆැක් වරායේ නැංගුරම්ලා තිබූ නැවක පෙට්ටියක් තුළ ගබඩා කර තිබූ ප්ලාස්ටික් බෝතල්වල ඔබා සිරකර සිටි ගිරවුන් සොයා ගැනීමට නැවෙහි කාර්යමණ්ඩලයට හැකි වී තිබේ.
ප්ලාස්ටික් බෝතල්වලට ඔබා අමානුෂික ලෙස සිර කර සිටි ගිරවුන් 64 දෙනකු හා එසේ සිරකිරීම නිසා මියගොස් සිටි ගිරවුන් 10 දෙනකු මෙසේ සොයා ගෙන ඇති අතර ඔවුන් ඉන්දුනීසියාවේ කුරුළු වෙළෙඳපොළට අළෙවි කිරීම සඳහා පැහැරගෙන ආ ගිරවුන් බවට සැක කෙරෙන බව පොලිසිය පවසයි.
මෙම ගිරවුන් ඔබා තිබූ ප්ලාස්ටික් බෝතල් නැවෙහි තිබූ විශාල පෙට්ටියක ගබඩා කර තිබී ඇති අතර පෙට්ටිය තුළින් අමුතු ශබ්දයක් නිසා එය පරීක්ෂා කිරීමේදී මෙම ගිරවුන් සොයා ගැනීමට නැවෙහි කාර්ය මණ්ඩලයට හැකි වී තිබේ.
මෙසේ සොයාගත් ගිරවුන් ලැක් කැප්ඞ් ලොරීස්, නමැති පැසිෆික් සාගරයේ පිහිටි දූපත් හා නිව් ගිනියාවේ වෙසෙන ගිරවු විශේෂයක් බව හඳුනාගෙන ඇති අතර ඔවුන් පැහැර ගෙන ඇත්තේ කුමන රටකින්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.





ඒමන්ති මාරබේ