ඔස්ටේ‍්‍රලියාවට මේ සතියේ පිළිස්සෙන තරමේ දැඩි උෂ්ණත්වයක්
Tuesday, 24 November 2020 - 8:09 | Views - 381
ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ ගණනාවකට මෙම සතියේ සෙල්සියස් අංශක 40 ඉක්මවූ සම පිළිස්සෙන තරම් අධික උෂ්ණත්වයක් සහිත කාලගුණ තත්ත්වයකට මුහුණ පැමට සිදු වන බව ඔස්ටේ‍්‍රලියානු කාලගුණ විද්‍යාඥයින් විසින් අනතුරු අඟවා තිබේ.
 
 මෙම අධික උණුසුම් කාලගුණ තත්ත්වය කෙතරම් දරුණුද යත් රට අභ්‍යන්තරයේ පිහිටි නගර කිහිපයක අඛණ්ඩව දින හයක් සෙල්සියස් අංශක 40කට අධික උෂ්ණත්වයක් පවතිනු ඇතැයි ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥයකු වන ටොම් සෝන්ඩර්ස් ප‍්‍රකාශ කර තිබේ.

‘සිරුර පිළිස්සෙන තරම් දැඩි රස්නයක් සහිත කාලගුණයක් මෙම සතියේදී ඔස්ටේ‍්‍රලියාව සිය ග‍්‍රහණයට නතු කර ගැනීමට සැරසෙනවා’ යැයි එළඹීමට නියමිත අධික උෂ්ණත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා තිබේ.
 
 මෙම අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය නැගෙනහිර සිට බටහිර ඔස්ටේ‍්‍රලියාව දක්වා පවතින බවත් එම උෂ්ණත්වය උපරිමව දක්නට ලැබෙනුයේ මෙම සෙනසුරාදා බවත් කාලගුණ විද්‍යාඥයෝ කියා සිටිති. මෙම අධික උෂ්ණත්වයට මෙල්බර්න්, සිඞ්නි, පර්ත්, කැන්බරා ඩාවින් හා ඇඩිලේඞ් යන නගරද මුහුණපාන බව ප‍්‍රකාශ වී ඇත.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top