ඉදිරි පැය 24ක කාලය තුළ කාලගුණයේ වෙනසක්
Tuesday, 24 November 2020 - 7:12 | Views - 911
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.370 දුරින් මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, ඉදිරි පැය 24ක කාලය තුළ එය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් එහි සඳහන්.
මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි එම දෙපෙර්හ්මේන්තුව පවසන්නේ.
මෙහි බලපෑමෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින්විට පැ.කි.මි. 60-70 පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකියි.
Share This Article