ඔක්ස්ෆර්ඩ් එන්නත සියයට 70ක් සාර්ථක බව හෙළිවේ
Monday, 23 November 2020 - 19:34 | Views - 368
කොරෝනා මර්දනය සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවා ඇති ඇස්ට්‍රොසෙනිකා නැමති එන්නත සියයට 70 ක සාර්ථකත්වයක් ඇති බවට අද හෙළි කෙරුණා.
මෙහි විශේෂත්වය වන්නේ අනෙක් එන්නත්වලට සාපේක්ෂව මිලෙන් අඩුවීම සහ පහසුවෙන් ගබඩා කිරීමට හැකිවීම හේතුවෙන් ප්‍රවාහනය පහසුවීමයි.
මෙම එන්නතේ පර්යේෂණ කාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වය දරන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරියක් වන මහේෂි රාමසාමියි.
දැනට ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ එන්.එච්.එස්. පදනම් භාරයේ උපදේශක වෛද්‍යවරියක් ලෙසද කටයුතු කරනවා.
Share This Article