අපොස සාපෙළ සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණ මට්ටම් ගැන විෂයභාර ගුරුවරුන්ගෙන් විමසා බැලීමක්
Monday, 23 November 2020 - 15:45 | Views - 376
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රථම වරට මුහුණදෙන සිසුන්ගේ සියලු විෂය නිර්දේශ මේ වන විට ආවරණය කර ඇති මට්ටම පිළිබඳව අදාළ විෂයභාර ගුරුවරුන්ගෙන් විමසා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

රට තුළ මතු ව පවත්නා කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් 2020 වර්ෂය තුළ පාසල් පැවැත්වීම විධිමත්ව සිදුනොවීමේ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යම් අඩපණ වීමකට ලක්වූව ද, පළාත්, කලාප, කොට්ඨාශ සහ පාසල් මට්ටමින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සහ විවිධ විද්‍යුත් සහ මුද්‍රිත ක්‍රමවේද භාවිතයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමට විවිධ පියවර ගනු ලැබුවා.

එහෙත් එක් එක් පළාත් තුළ පාසල්වල පවත්නා පහසුකම් සහ මුහුණ දීමට ඇති අභියෝග හමුවේ 11 ශ්‍රේණිය සියලුම විෂයන්ට අදාළව සියලු විෂය ඒකක ආවරණය කිරීමට ගුරුවරුන්ට පැවැති හැකියාව විවිධ මට්ටම්වල පැවතිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

ඒ නිසා මේ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබාගැනීම සහ අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පියවර ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියලු පාසල්වල 11 ශ්‍රේණිය සඳහා ඉගැන්වීම් කරන විෂය භාර ගුරු භවතුන් විසින් මාර්ගගත ක්‍රමයට https://info.moe.gov.lk/ වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබා දීම සිදුකළ යුතු වනවා.

අද (23) දින සිට සතියක කාලයක් ඇතුළත මෙම තොරතුරු ලබාදීම සිදු කළ යුතු අතර, ගුරුවරුන්ට තම ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කර මේ සඳහා පිවිසීමට අවස්ථාව ලැබෙන බවයි එම  අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

යම් ගුරුභවතෙකුට තොරතුරු ලබාදීමට ප්‍රවේශ වීමට අපහසු  නම්, [email protected] ඊමේල් ලිපිනයට තම නම, ජාතික හැඳුනුම්පත් අංකය, පාසල, පළාත කලාපය, සහ දුරකථන අංකය ඇතුළත් පණිවිඩයක් යොමු කිරීමෙන් අදාල තොරතුරු සක්‍රීය කර ගැනීමට හැකියාව පවතිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top