මධ්‍යම පළාතේ පාසල් කිහිපයක් විවෘත නොකෙරුණු බව ආණ්ඩුකාරවරයා කියයි
Monday, 23 November 2020 - 14:22 | Views - 341
මධ්‍යම පළාතේ හැටන් කලාපයේ සහ මහනුවර - අකුරණ මෙන්ම මහයියාව ප්‍රදේශවල පාසල් කිහිපයක් අද දිනයේ ආරම්භ නොකෙරුණු බව පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ ප්‍රකාශ කළා.
කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු වාර්තාවීම ඊට හේතුව බවයි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
සෞඛ්යාරක්ෂිත පහසුකම් සළසා ගැනීමෙන් පසු අදාළ පාසල් විවෘත කිරීමට විදුහල්පතිවරුන් කටයුතු කරනු ඇති බවද පළාත් ආණ්ඩුකාවරයා සඳහන් කළා.
Share This Article