ඇමරිකානු ජාතික Caeleb Dressel විසින් පැයක කාලයක් ගත වීමටත් පෙර ලෝක වාර්තා දෙකටම හිමිකම් කීමට සමත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
පසුගිය සෙනසුරාදා මෙම සුපිරි ඇමරිකානු පිහිනුම් ක්‍රීඩකයා හංගේරියාවේ බුඩාපෙස්ට් හි පැවති ජාත්‍යන්තර පිහිනුම් ලීග් අවසන් තරඟයට තරඟ කරමින් මෙලෙස ලෝක වාර්තා දෙකක් බිඳ දමා තිබෙන බවටයි සදහන් වන්නේ.
ඔහුගේ පලවෙනි ලෝක වාර්තාව ලෙසට සදහන් වන්නේ 100-meter butterfly world record බිඳ දැමීමයි.
මීට පෙර එම වාර්තාව සදහා හිමිකම් කීයූ Chad Le Clos විසින් 48.08 තත්පර කාලයකින් එම තරඟය නිම කර තිබෙන අතර Caeleb Dressel විසින් 47.78 තත්පර කාලයකින් එම තරඟය අවසන් කර තිබෙනවා. මෙලෙස තත්පර 48ක කාලයකට වඩා අඩුකාලයකින් මෙම තරඟය අවසන් කල එකම තැනැත්තා වන්නේද ඔහුයි.
කෙසේවෙතත් ඊට සුළු මොහොතකට පසු 50-meter freestyle තරඟ වටය සදහා ද ඔහු සහභාගී වී තිබෙන අතර එම තරඟය 20.16 තත්පර කින් නිම කිරීමට ඔහු සමත්ව තිබෙනවා. මීට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කි තිබෙන්නේ ඔහුම වන අතර ඒ සදහා ඔහු 20.24 තත්පර කාලයක් වැය කර තිබුනා.
එමෙන්ම මෙලෙස පැයකටත් වඩා අඩු කාලයකින් මෙම ලෝක වාර්තා 2කටම හිමිකම් කීමට සමත්වූ ඔහු ඒ ගැන පවසා තිබුනේ මෙවන් අදහසක්.
" එය ඇත්තෙන්ම ප්‍රීතිමත් දවසක් , මගේ මේ කාලය ගැන ඇත්තටම මම සතුටු වෙනවා. නමුත් මෙම තරඟාවලිය අපට කණ්ඩායමක් ලෙස දිනා ගැනීමට අවශ්‍යයි - එය අපේ අවසාන ඉලක්කයයි " යනුවෙනි.





