පැයක් තුළදී ලෝක වාර්තා දෙකකට හිමිකම් කියූ අපූරු පිහිනුම් ශුරයා
Monday, 23 November 2020 - 14:12 | Views - 317
ඇමරිකානු ජාතික Caeleb Dressel විසින් පැයක කාලයක් ගත වීමටත් පෙර ලෝක වාර්තා දෙකටම හිමිකම් කීමට සමත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

පසුගිය සෙනසුරාදා මෙම සුපිරි ඇමරිකානු පිහිනුම් ක්‍රීඩකයා හංගේරියාවේ බුඩාපෙස්ට් හි පැවති ජාත්‍යන්තර පිහිනුම් ලීග් අවසන් තරඟයට තරඟ කරමින් මෙලෙස  ලෝක වාර්තා දෙකක් බිඳ දමා තිබෙන බවටයි සදහන් වන්නේ.

ඔහුගේ පලවෙනි ලෝක වාර්තාව ලෙසට සදහන් වන්නේ   100-meter butterfly world record බිඳ දැමීමයි.

මීට පෙර එම වාර්තාව සදහා හිමිකම් කීයූ  Chad Le Clos විසින්  48.08 තත්පර  කාලයකින් එම තරඟය නිම කර තිබෙන අතර Caeleb Dressel විසින්  47.78 තත්පර කාලයකින් එම තරඟය අවසන් කර තිබෙනවා. මෙලෙස තත්පර 48ක කාලයකට වඩා  අඩුකාලයකින් මෙම තරඟය අවසන් කල එකම තැනැත්තා වන්නේද ඔහුයි.

කෙසේවෙතත් ඊට සුළු මොහොතකට පසු 50-meter freestyle තරඟ වටය  සදහා ද ඔහු සහභාගී වී තිබෙන අතර එම තරඟය 20.16 තත්පර කින් නිම කිරීමට ඔහු සමත්ව තිබෙනවා. මීට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කි තිබෙන්නේ ඔහුම වන අතර ඒ සදහා ඔහු 20.24 තත්පර කාලයක් වැය කර තිබුනා.

එමෙන්ම මෙලෙස පැයකටත් වඩා  අඩු කාලයකින් මෙම ලෝක වාර්තා 2කටම හිමිකම් කීමට සමත්වූ ඔහු ඒ ගැන පවසා තිබුනේ මෙවන් අදහසක්.

" එය ඇත්තෙන්ම ප්‍රීතිමත් දවසක් ,  මගේ මේ  කාලය ගැන ඇත්තටම මම සතුටු වෙනවා. නමුත් මෙම තරඟාවලිය  අපට  කණ්ඩායමක් ලෙස දිනා ගැනීමට අවශ්‍යයි - එය අපේ අවසාන ඉලක්කයයි " යනුවෙනි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top