යුරෝපා කලාපය තුළ කොවිඩ් 19 තුන්වන රැල්ලක් මතුවීමේ අවධානමක්
Monday, 23 November 2020 - 12:57 | Views - 349
යුරෝපා කලාපය තුළ කොවිඩ් 19 තුන්වන රැල්ලක් මතුවීමේ අවධානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.

මේ අතර ලොවපුරා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පන්කෝටි අසූනම ලක්ෂය ඉක්මවා ගියා.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ලොවපුරා රටවල් 220 කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින අතර ගෝලීයව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59,002,152 ක් දක්වා ඉහළගියා.

සෑම තත්පර 17කට වරක් යුරෝපා කලාපයේ එක් අයෙකු කොවිඩ් ආසාදිතව මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මෙම මාසය තුළදී යුරෝපයෙන් වාර්තා වී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 4 කට අධිකයි.

මේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ගොස් තිබෙනවා.

ගෙවුණු සතිය තුළදී ප්‍රංශයේ කොවිඩ් 19 රෝගීන් 14,254ක් රෝහල්ගත කර ඇති අතර ඉන් 2168 දෙනෙකු දැඩි ලෙස වෛරසයේ බලපෑමට ලක්ව සිටින බව එරට සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර යුරෝපා කලාපයේ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්.

වෛරසයේ ප්‍රබල බලපෑම හේතුවෙන් එරට තුළ තවමත් සංචරණ සීමා ලිහිල් කර නැහැ.

පවතින කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා ප්‍රංශය, චීනය, රුසියාව, එක්සත් රාජධානිය, අමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක් කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා දායකත්වය ලබාදී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව නොවැම්බර් 12 වැනිදා වන විට ලොව පුරා කොවිඩ් 19 වෛරස මර්දන එන්නත් 212ක් නිෂ්පාදනය කර ඇති අතර ඉන් 48ක් පවතින්නේ තවමත් සායනික අත්හදාබැලීම් යටතේයි.

වෛරසයේ වැඩිම බලපෑමක් තවම පවතින්නේ අමෙරිකාවටයි.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එරට තුළ කැලිෆෝනියා ප්‍රාන්තයේ රාත්‍රී කාලයට බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කිරීමත් සමඟම එයට විරෝධය පළ කරමින් කැලිෆෝනියාවේ හන්ටිංටන් බීච් ප්‍රදේශයේ පැවති විරෝධතා විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා.

මේ අතර දැඩි සංචරණ සීමා පනවමින් නිව්යෝක්හි පාසල් වසා දැමීමටද එරට රජය පියවර ගෙන තිබුණේ කුඩා දරුවන් අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම
සඳහායි.

ෆයිසර් සහ බයෝ ඇන්ටෙක් සමාගම් එකතුව සංවර්ධනය කරන ලද එන්නත මිලදී ගැනීම සඳහා තවත් අමතර ඩොලර් බිලියන 10ක් ගෙවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

අමෙරිකාව පවසන්නේ මෙම එන්නත එළඹෙන මාසයේදී වෙළඳපොල වෙත නිකුත් කරන බවයි.

මෙම එන්නත් මාත්‍රාවකට අමෙරිකානු ඩොලර් 18.34ක් ගෙවීමටද යුරෝපා සංගමයේ එකඟතාවය පළ කර තිබෙනවා.

රුසියාව තුළද කොවිඩ් 19 වෛරසයේ ප්‍රබල ව්‍යාප්තියක් පෙන්නුම් කරන අතර වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරන විෂබීජනාශක දියර පානය කිරීම හේතුවෙන් රුසියාවේ යක්කුටියා කලාපයේ 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

රෝහල්ගත කළ තවත් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

තවමත් වෛරසයේ දෙවනියට වැඩිම බලපෑමක් පවතින්නේ ඉන්දියාවටයි.

නවදිල්ලි අගනුවර වෛරස ව්‍යාප්තිය වේගයෙන් ඉහළ යෑමත් සමඟම නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන පුද්ගලයන් හට දඬුවම් ලබාදීමට
එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top