11 හැවිරිදි තම ආදරණිය පුතුත් සමඟ එකට තරඟ බිමට යන සුපිරි ක්‍රීඩකයා
Monday, 23 November 2020 - 11:22 | Views - 268
ගොල්ෆ් ක්‍රීඩාවේ නොමැකෙන තරුවක් තමයි ටයිගර් වුඩ්ස් කියන්නේ . තම දක්ෂතාවය නිසාවෙත්ම ගොල්ෆ් ක්‍රීඩාවේ  වැජඹෙන නාමයක් දරන ඔහුගේ ජිවිතයේ අති විශේෂ මොහොතකට මේ වන විට ඔහු සුදානම් වීමට නියමිත බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඒ තමයි මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත PNC Championship සදහා තම  11 හැවිරිදි ආදරණිය පුතු සමඟ සහභාගී වන බවයි.

1995 වර්ෂයේ දී ආරම්භ වන මෙම තරඟාවලිය සදහා පිය සහ  පුතු කණ්ඩායමක් ලෙස එකට තරඟ වදින අතර මෙම තරඟය තම ජිවිතයේ වැදගත් කඩයිමක් බවටයි සුපිරි ක්‍රීඩක ටයිගර් වුඩ්ස් සඳහන්  කරන්නේ.

කෙසේනමුත් තම ආදරණිය පුතුත් සමඟ තරඟ  බිමට යන ඔහු මේ පිළිබදව සදහන් කර තිබුනේ  අදහසක් .

" ඇත්තටම මට මේ වෙලාවේ මම කොතරම් පුදුමයට පත්වුනාද කියල කියන්න අමාරුයි . අපේ පළමු නිල තරඟාවලියේදී චාලි සමඟ එකට ක්‍රීඩා කිරීම ගැන මා ඇත්තටම  සතුටින් ඉන්නේ . ඔහු කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියට යන ආකාරය දැකීම ඇත්තටම  සතුටට කරුණක් . ඒවගේම තමයි  පීඑන්සී ශූරතාවලියේ කණ්ඩායමක් ලෙස ඔහුත් සමඟ තරඟ වැදීම  මගේ ජිවිතයේ වැදගත් කඩයිමක් " යනුවෙනි.

එමෙන්ම මෙම පීඑන්සී ශූරතාවලිය දෙසැම්බර් 19-20 අතර මධ්‍යම ෆ්ලොරිඩාවේ රිට්ස්-කාල්ටන් ගොල්ෆ් ක්ලබ් ඔර්ලන්ඩෝ හිදී පැවැත්වීමට නියමිත අතර  ,ඒ වන විටත් මෙම තරඟය සදහා බොහෝ දෙනකුගේ අවධානය යොමුවී තිබෙන බවටයි සදහන් වන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top