කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Monday, 23 November 2020 - 10:16 | Views - 290
පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම, මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටයි ඔවුන් දැනුම් දෙන්නේ.
එමෙන්ම, පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී වඩාත් අවදානයෙන් පසුවන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.
දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 6ක කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත්, ඉදිරි පැය 30ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත්, එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර, නැගෙනහිර, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත්, 150ත් අතර තද වැසි ඇති විය හැකි අතර එම පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් 60ත්, 70ත් අතර ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකියි.
Share This Article