කොළඹ තවමත් අවදානම් - අවධානයෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක්
Monday, 23 November 2020 - 8:32 | Views - 517
කොළඹ තවමත් අවදානම් මට්ටමේ පවතින බැවින් ඒ පිළිබදව අවදානයෙන් කටයුතු කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

එසේම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියා.

ඒ, තවත් ආසාදිතයින් 400 දෙනෙකු ඊයේ අලුතින් හඳුනා ගැනීමත් සමඟයි.

ඉන් 391 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 4 දෙනෙකු, කටාර් සිට පැමිණි 3 දෙනෙකු, රුසියාවේ සහ චීනයේ සිට පැමිණි එක් අයෙකු බැගින් ආසාදිතයින් බවට හඳුනා ගැනුණා.

එමෙන්ම තවත් කොරෝනා මරණ 4ක් ඊයේ වාර්තා වූ අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගියා.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇති අතර, මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයි.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් ද නිවසේදී ම මිය ගොස් සිට ඇති අතර, කොරෝනා ආසාදනය වීමෙන් ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් එම මරණයට ද හේතු වී තිබෙනවා.

මීට අමතරව මිය ගිය අනෙකුත් පුද්ගලයින් දෙදෙනා කොළඹ 10 සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචි අවුරුදු 75 සහ 53 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.

ඉන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇති අතර නිධන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීම මරණය හේතුවී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අනෙක් පුද්ගලයා කොළඹ අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති අතර, නිව්මෝනියා තත්ත්වයක් උත්සන්න වීමෙන් එම මරණය සිදුව තිබෙනවා.

එමෙන්ම, විදේශ රටවල රැකියා සඳහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවලින් දිවයිනට පැමිණියා.

ඒ අනුව කුවේට් රාජ්‍යයේ සිට 283 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට 18 දෙනෙකු මෙන්ම ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද මෙලෙස දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top