බනිස් ගෙන ඒමට පාර මාරුවුණ හත් හැවිරිදි දැරිය ලොරියට බිලි
Monday, 23 November 2020 - 7:22 | Views - 599
මඩකලපුව - කල්මුණේ මාර්ගයේ තෙත්තාතිවුහි සිකුරාදා සිදුවූ මාර්ග අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දැරියක් ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කලවංචිකුඩි පොලිස් වසමේ තෙත්තාතිවු ග‍්‍රාමයේ ඉකුත් 20 දා බනිස් මිලදී  ගැනීම සඳහා ප‍්‍රධාන මාර්ගය මාරුවී වෙළෙඳ සැලට පැමිණි හත් හැවිරිදි මයිලවාහනම් සනුසිකා දැරිය කුඩා වර්ගයේ ලොරියක ගැටී ඇත.

ලොරිය පොලොන්නරුව සිට කල්මුණේ දෙසට ධාවනය වී ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දැරිය වහාම කලවංචිකුඩි මූලික රෝහලට රැගෙන ගොස් එහි සිට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර ඇති අතර එහිදී දැරිය මියගොස් ඇත.

අනතුර සම්බන්ධව ලොරි රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව කලවංචිකුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මඩකලපුව - ටී. එල්. ජව්ෆර් කාන්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top