බනිස් ගෙන ඒමට පාර මාරුවුණ හත් හැවිරිදි දැරිය ලොරියට බිලි
Monday, 23 November 2020 - 7:22 | Views - 600
මඩකලපුව - කල්මුණේ මාර්ගයේ තෙත්තාතිවුහි සිකුරාදා සිදුවූ මාර්ග අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දැරියක් ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
කලවංචිකුඩි පොලිස් වසමේ තෙත්තාතිවු ග්රාමයේ ඉකුත් 20 දා බනිස් මිලදී ගැනීම සඳහා ප්රධාන මාර්ගය මාරුවී වෙළෙඳ සැලට පැමිණි හත් හැවිරිදි මයිලවාහනම් සනුසිකා දැරිය කුඩා වර්ගයේ ලොරියක ගැටී ඇත.
ලොරිය පොලොන්නරුව සිට කල්මුණේ දෙසට ධාවනය වී ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දැරිය වහාම කලවංචිකුඩි මූලික රෝහලට රැගෙන ගොස් එහි සිට වැඩිදුර ප්රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර ඇති අතර එහිදී දැරිය මියගොස් ඇත.
අනතුර සම්බන්ධව ලොරි රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව කලවංචිකුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මඩකලපුව - ටී. එල්. ජව්ෆර් කාන්
Share This Article