අද අලුයම 5සිට පොලිස් වසම් කිහිපයක හුදෙකලා බව අවසන් වෙයි
Monday, 23 November 2020 - 7:14 | Views - 415
හුදෙකලා තත්ත්වයට පත් කර තිබූ බස්නාහිර පළාතේ පොලිස් වසම් කිහිපයක් අද අලුයම 05.00 සිට එම තත්ත්වයෙන් මුදාහරිනු ලැබුවා.

ඒ අනුව මෙතෙක් හුදෙකලා කර තිබූ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 17න් බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම් හුදෙකලා තත්ත්වයෙන් මුදාහැරියා.

එසේ වුවද, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම් දෙන තුරු හුදකලා කොට තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ මේ වනවිට හුදකලා කර ඇති සෙසු පොලිස් වසම් 13 වන මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පුවීදිය, මාළිගාවත්ත,දෙමටගොඩ,කෙසෙල්වත්ත,මරදාන,පිටකොටුව හා වේල්ලවීදිය තවදුරටත් පවතින්නේ හුදකලා තත්ත්වයේයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල හා කඩවත යන පොලිස් වසම් පමණක් අද උදෑසන 05.00 ට හුදකලා තත්වයෙන් මුදාහැරියා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව,රාගම,වත්තල, පෑලියගොඩ හා කැළණිය පොලිස් වසම් තවදුරටත් හුදකලා තත්ත්වයෙන් පවතින බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම දෙන්නේ.

මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත,බමුණුමුල්ල ( මුස්ලිම් ) ග්‍රාමනිලධාරී වසම, කිරිමන්තුඩාව, කොරාවල,අටලුගම බටහිර ග්‍රාමනිලධාරී වසම මෙන්ම බමුණුමුල්ල හා ගලගහමණ්ඩිය ග්‍රාම නිලධාරී වසම් අළුතින් හුදකලා ප්‍රදේශ බවට පත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top