අද අලුයම 5සිට පොලිස් වසම් කිහිපයක හුදෙකලා බව අවසන් වෙයි
Monday, 23 November 2020 - 7:14 | Views - 416

හුදෙකලා තත්ත්වයට පත් කර තිබූ බස්නාහිර පළාතේ පොලිස් වසම් කිහිපයක් අද අලුයම 05.00 සිට එම තත්ත්වයෙන් මුදාහරිනු ලැබුවා.
ඒ අනුව මෙතෙක් හුදෙකලා කර තිබූ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 17න් බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම් හුදෙකලා තත්ත්වයෙන් මුදාහැරියා.
එසේ වුවද, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම් දෙන තුරු හුදකලා කොට තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ මේ වනවිට හුදකලා කර ඇති සෙසු පොලිස් වසම් 13 වන මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පුවීදිය, මාළිගාවත්ත,දෙමටගොඩ,කෙසෙල්වත්ත,මරදාන,පිටකොටුව හා වේල්ලවීදිය තවදුරටත් පවතින්නේ හුදකලා තත්ත්වයේයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල හා කඩවත යන පොලිස් වසම් පමණක් අද උදෑසන 05.00 ට හුදකලා තත්වයෙන් මුදාහැරියා.
ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව,රාගම,වත්තල, පෑලියගොඩ හා කැළණිය පොලිස් වසම් තවදුරටත් හුදකලා තත්ත්වයෙන් පවතින බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම දෙන්නේ.
මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත,බමුණුමුල්ල ( මුස්ලිම් ) ග්‍රාමනිලධාරී වසම, කිරිමන්තුඩාව, කොරාවල,අටලුගම බටහිර ග්‍රාමනිලධාරී වසම මෙන්ම බමුණුමුල්ල හා ගලගහමණ්ඩිය ග්‍රාම නිලධාරී වසම් අළුතින් හුදකලා ප්‍රදේශ බවට පත් කර තිබෙනවා.
Share This Article