සුළි කුණාටු තත්වයක් ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
Monday, 23 November 2020 - 7:09 | Views - 744

දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 06ක කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය ඉදිරි පැය 30ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 24 වන දින වනවිට දිවයිනේ ඊසාන දිග වෙරළබඩ ප්‍රදේශයට ලඟාවනු ඇති බවයි එහි සඳහන් වන්නේ.
මේ හේතුවෙන් පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටිය යුතු වනවා.
දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වන්නේ නම් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තකුව දැනුම් දෙන්නේ.
එසේම පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමේදී වඩා අවදානයෙන් පසු වන ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
මේ අතර ඉදිරි පැය 24 තුළ නැගෙනහිර උතුරු මැද උතුරු පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද අදාළ නිවේදනයේ සඳහන්.
ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වඩා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් පමණ දක්වා ඉතා තද ප්‍රහාරාත්මක තද සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර දක්වා ප්‍රහාරාත්මක තද සුළං ඇතිවිය හැකියි.
තද සුළං මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article