ළමා ආරක්ෂණ දුරකථන යෙදවුම එළිදකී
Sunday, 22 November 2020 - 18:01 | Views - 639
'1929' - ශ්‍රී ලංකා ළමා ආරක්ෂක දුරකථන යෙදවුම ජාතික ළමාරක්ෂක අධිකාරියේ ශ්‍රවණාගාරයේදී එළිදැක්වුණා.
ඒ, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන්.
සියළුම ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම්වලින් ළමයින් මුදවා ගැනීම සඳහා මෙම දුරකථන යෙදවුම හඳුන්වා දී තිබෙනවා.
ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ පර්යේෂණ කාලය අවසන් වූ පසු මෙය ජනතාවගේ පරිහරණය සඳහා ලබාදීමට නියමිත බවයි.
Share This Article