අරලියගහ මන්දිරය වසා දමා නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි
Sunday, 22 November 2020 - 17:49 | Views - 727
අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිදු නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට පුවත්පතක පළ වී තිබු ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි එම කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ.
කොවිඩ් 19 තත්ත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම, අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කටයුතු කිසිඳු බාධාවකින් තොරව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පවත්වාගෙන යනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරයේ රාජකාරී කටයුතු සඳහා කැඳවා ඇත්තේ අත්‍යාවශ්‍ය නිලධාරීන් පිරිසක් පමණක් බවයි අදාල නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ.
Share This Article