වෙබ් අඩවි නියාමනයට වැඩපිළිවෙලක්
Sunday, 22 November 2020 - 17:41 | Views - 493
වෙබ් අඩවි නියාමනයට නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති දෙක තුළ ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබෙනවා.
ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
පුරවැසියන්ගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ළඟදීම හඳුන්වා දෙන බවයි.
Share This Article