හිරු පුවත ඵලදරයි - කටාර් හි අතරමං වූ පවුල දිවයිනට
Sunday, 22 November 2020 - 13:21 | Views - 2,429
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රැකියා අහිමි වී දෝහා - කටාර් හි අතරමං වී සිටි කුඩා දියණියන් දෙදෙනෙකු ඇතුළු ශ්රී ලාංකික පවුලක් සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති මීට පෙර සිදුකළ අනාවරණයක් අනුව එම පිරිස අද දිවයිනට පැමිණ තිබෙනවා.
මාස 7ක කාලයක් ශ්රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවූ ඔවුන් ආහාර හා ඖෂධ පවා ලබා ගැනීමට නොහැකි දුෂ්කර තත්ත්වයකයි පසුවුණේ.
මැදපෙරදිග සේවයේ නිරතව එරට රැඳී සිටි තවත් ශ්රී ලාංකිකයන් 167 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා
Share This Article