අයි.ඩී.එච්. රෝහලෙන් පැන්න කොරෝනා ආසාදිත කාන්තාව සොයන මෙහෙයුම අඛණ්ඩව
Saturday, 21 November 2020 - 8:44 | Views - 683

කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට සිදුවූ 74 වන මරණය ඊයේ වාර්තා වුණා.
කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයකින් මෙලෙස මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, ඊයේ ආසාදිතයින් 435 දෙනෙකු මෙරටින් වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19,280 දක්වා ඉහළ ගියා.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 15,765 ක්.
නව ආසාදිතයින් සමඟ රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5,935 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය කුඩා පුතුද රැගෙන පළාගිය කාන්තාව සොයා ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
25 හැවිරිදි මෙම කාන්තාව පෙරේදා රාත්‍රි 9 ට පමණ අවුරුදු දෙකහමාරක් වයසැති සිය දරුවාද රැගෙන අයි.ඩී.එච්.රෝහලෙන් පලාගොස් තිබුණා.
පසුව, එම දරුවා පමණක් ඇහැලියගොඩ ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී ඊයේ පොලීසිය සොයා ගත්තේ එම කාන්තාවගේ ඇහැලියගොඩ - යාය පාරේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදීයි.
මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටියදී ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ කාන්තාවක්.
මේ අතර, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අවශ්‍ය වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා ඊ-චැනලින් සේවාව ඊයේ සිට සක්‍රීය කෙරුණා.
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සකස් කළ පෞද්ගලික බස් රථයක් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමට හඳුන්වාදීමටද ඊයේ කටයුතු කළා.
Share This Article