මහවිරු දින සැමරුම්වලට ඉඩ දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් යාපනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Friday, 20 November 2020 - 16:40 | Views - 317
මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීමට ඉඩ සලසමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් 04 ක් යාපනය මහාධිකරණය විසින් අද (20) ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එම පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ මහවිරු සැමරුම් සඳහා පොලිසියේ බාධාවන් වළක්වන ලෙසයි.
කෙසේ නමුත්, ජාතික ආරක්ෂාවට අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට තමාට බලයක් නොමැති බවයි යාපනය මහාධිකරණය ප්‍රකාශ කළේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්දිරන් පෙනී සිටි අතර, රජයේ පාර්ශවයෙන් කරුණු දක්වනු ලැබුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණයි.
Share This Article