පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට පියවර
Friday, 20 November 2020 - 15:38 | Views - 550
පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස්ගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්වුණා.
එහිදී ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥ උපදෙස් අනුව සකස් කර ඇති දළ පිටපත පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීම සහ එහි සිදුවිය යුතු සංශෝධන පිළිබඳ සොයා බලා අවසන් තීරණයක් ගැනීම සඳහා 09 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
එහි සභාපතිවරයා ලෙස මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පත්කර තිබෙනවා.
Share This Article