පාකිස්තාන තුන් ඉරියව් ක්රීඩක සොහේල්ටත් කොරෝනා
Friday, 20 November 2020 - 15:26 | Views - 472
ලංකන් ප්රිමියර් ලීග් විස්සයි20 ක්රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තාන තුන් ඉරියව් ක්රීඩක සොහේල් තන්වීර්ට කෙරෝනා වයිරසයි ආසාදන වී ඇතැයි වාර්තා වේ.
දිවයිනට පැමිණිමෙන් අනතුරුව මුහුණදුන් පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට වයිරසය අාසාදනය වී ඇත බවට තහවුරු වී ඇත.
ලයෑම් ප්ලන්කට් සහ වහබ් රියාස් තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව තන්වීර් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග එක් විය.
මින් පෙර කොළඹ කිංග්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටින කැනේඩියානු ක්රීඩක රවින්ද්රපාල් සිංටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.
ලංකාදීප
Share This Article