මහනුවර - දිගන ප්‍රදේශයේ සිදුවූ භූ කම්පන සොයන්න විශේෂඥ කණ්ඩායමක්
Friday, 20 November 2020 - 14:43 | Views - 304
මහනුවර - දිගන ප්‍රදේශයේ පසුගියදා සිදුවූ භූ කම්පනය පිළිබඳව පර්යේෂණ කණ්ඩායමේ වාර්තාව ලබන සඳුඳා ලබාදීමට නියමිතයි.
ඊයේ මෙම භූ කම්පනය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට උපදෙස් ලබාදීමත් සමඟ තුන් දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් භූ කම්පන සිදුවූ ප්‍රදේශයට සොයා බැලීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
කෙටි කාලයක් තුළදී එම ප්‍රදේශයෙන් භූ කම්පන තුනක් වාර්තා වී ඇති අතර, දැනට ඒ සම්බන්ධයෙන් විමර්ශනවලදී අනාවරණය වූයේ පොලොව අභ්‍යන්තරයේ හුණුගල් ස්ථරයන් හි පීඩනය නිදහස් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මෙම භූ කම්පන සිදුවී ඇති බවයි.
ඒ අනුව ඊට අදාළ වාර්තාව ලබන සඳුඳා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල වෙත ලබාදීමට නියමිත බවයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
Share This Article