මහනුවර - දිගන ප්‍රදේශයේ සිදුවූ භූ කම්පන සොයන්න විශේෂඥ කණ්ඩායමක්
Friday, 20 November 2020 - 14:43 | Views - 305
මහනුවර - දිගන ප්‍රදේශයේ පසුගියදා සිදුවූ භූ කම්පනය පිළිබඳව පර්යේෂණ කණ්ඩායමේ වාර්තාව ලබන සඳුඳා ලබාදීමට නියමිතයි.

ඊයේ මෙම භූ කම්පනය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට උපදෙස් ලබාදීමත් සමඟ තුන් දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් භූ කම්පන සිදුවූ ප්‍රදේශයට සොයා බැලීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

කෙටි කාලයක් තුළදී එම ප්‍රදේශයෙන් භූ කම්පන තුනක් වාර්තා වී ඇති අතර, දැනට ඒ සම්බන්ධයෙන් විමර්ශනවලදී අනාවරණය වූයේ පොලොව අභ්‍යන්තරයේ හුණුගල් ස්ථරයන් හි පීඩනය නිදහස් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මෙම භූ කම්පන සිදුවී ඇති බවයි.

ඒ අනුව ඊට අදාළ වාර්තාව ලබන සඳුඳා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල වෙත ලබාදීමට නියමිත බවයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top