ඇත්තටම ඔහු මේ මොහොතේ මට වඩා වේගවත් - රොනාල්ඩෝ ගැන සුපිරි ක්‍රීඩක බෝල්ට් පැවසු දේ
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ උසේන් බෝල්ට් කියන්නේ ලෝකයේ ජනප්‍රියත්වයට පාත්‍ර වුනු ආදරණිය චරිත දෙකක්.
පාපන්දු ක්‍රීඩාවෙන් ජනප්‍රියත්වයේ කෙළවරටම පැමිණි ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ ඊට නොදෙවෙනි ලෙස ප්‍රේක්ෂකයින් රැසකගේ ආදරයට පාත්‍ර වුණු මෙම අපූරු චරිත දෙක සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තර අවධානයට ලක්වනවා.
ඔවුන් පිළිබඳව මේ වනවිට ලෝකයේම කතාබහට ලක්වුණු අපුරු සිදුවීමක් තමයි, ධාවන ශුර උසේන් බෝල්ට් සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝගේ දක්ෂතාවයන් පිලිබදව මාධ්‍යයට ප්‍රකාශ කළ සිදුවීම.
ඔහු මෙම ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා පිලිබදව පැවස තිබෙන්නේ මෙවන් අදහසක් .
"නිසැකවම ක්‍රිස්ටියානෝ මට වඩා වේගවත් , ඔහු ඇත්තටම මහන්සිවෙලා වැඩ කරන පුද්ගලයෙක්. ඔහු දක්ෂතා තිබෙන සුපිරි ක්‍රීඩකයෙක්. ඔහු සෑම විටම පාපන්දු ක්‍රීඩාවේ ඉහළින් වැජඹෙන තරුවක්. ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරන අතර සැමවිටම ඒ සදහා අවධානය යොමු කරනවා. මේ මොහොතේ මම අනිවාර්යයෙන්ම සිතන්නේ ඔහු මට වඩා වේගවත් බවයි " යනුවෙනි.
විදෙස් මාධ්‍ය ඇසුරෙනි..

