චීන කොවිඩ් එන්නත මිලියනයකට විදියි - ඔක්ස්ෆර්ඩ් එන්නත ඉන්දීය රුපියල් දහසකට
Friday, 20 November 2020 - 13:03 | Views - 2,735
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් කොරෝනා ආසාදිතයින් 45,882 ක් හඳුනා ගැනීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අනූ ලක්ෂය ඉක්ම වූවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට ආසාදිතයින් අනූ ලක්ෂ 4,365 ක් වාර්තා වන අතර, ඊයේ සිදුවූ මරණ 584 ක් සමඟ කොරෝනා මරණ සංඛ්‍යාවද එක්ලක්ෂ 32,162 දක්වා ඉහළ ගිය බවයි.  

බ්‍රිතානයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මූලිකත්වයෙන් නිපදවනු ලැබූ කොවිඩ් 19 එන්නත ලබන වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයින් සහ වයස්ගත පුද්ගලයින් සඳහා ලබාදීමට හැකිවනු ඇතැයි ඉන්දීය එන්නත් නිෂ්පාදකයෙකු වන සේරම් ආයතනය පවසනවා.

එමෙන්ම, අප්‍රේල් මාසය වනවිට සාමාන්‍ය ජනතාවට එය ලබාගත හැකිවනු ඇති බවයි එමඟින් ප්‍රකාශ කළේ.

එක් පුද්ගලයෙකුට මෙම එන්නතෙහි මාත්‍රා දෙකක් ලබාදිය යුතු අතර, එම මාත්‍රා දෙක ඉන්දීය රුපියල් දහසක උපරිම මිලකට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.  

මේ අතර, චීන රජයේ ඖෂධ නිෂ්පාදන සමාගම මගින් නිපද වූ කොවිඞ් 19 එන්නත එහි හදිසි භාවිත වැඩපිලිවෙල යටතේ චීන වැසියන් මිලියනයකට එන්නත් කර තිබෙනවා. එහිදී කිසිදු පුද්ගලයෙකු වෙතින් ඊට අහිතකර ප්‍රතිචාරයක් නොලැබුණු බවයි චීන ජාතික ඖෂධ සමූහයේ සභාපති ලියු ජින්ෂෙන් ප්‍රකාශ කළේ. පරීක්ෂණ මට්ටමේ පවතින කොවිඞ් එන්නත් මෙලෙස වැසියන්ට ලබාදී ඇත්තේ රුසියාව සහ චීනය පමණයි.

එමෙන්ම, චීන පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපද වූ සිනොවැක්-බයෝටෙක් කොවිඞ් 19 එන්නත මගින්ද කඩිනමින් ප්‍රතිශක්තිය ඇතිවන බව ප්‍රකාශ වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top