සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ විවාහයට අත්සන් කළ හිටපු ඇමතිවරයා
Friday, 20 November 2020 - 12:56 | Views - 334

පාස්කු ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට තිබූ සබඳතා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා.
ඒ, සාක්ෂි ලබාදීමට මන්ත්‍රීවරයා මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණයෙන් ඊයේ සම්බන්ධ වූ අවස්ථාවේදීයි. එහිදී මන්ත්‍රීවරයා සිනමන් ග්‍රෑන්ඞ් බෝම්කරු වූ ඉන්ෂාෆ් අහමඞ්ගේ විවාහයට සාක්ෂිකරු ලෙස අත්සන් කළ බව පිළිගත්තා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ඊයේ පළමුවරට සාක්ෂි විමසූ අතර සාක්ෂි ලබාදීමට මන්ත්‍රීවරයා සම්බන්ධ වුණේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටයි.
එහිදී ඔහු විසින් දමිළ භාෂාවෙන් සාක්ෂි ලබාදීමට අවශ්‍යයැයි කළ ඉල්ලීමක් මත පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයකු කැඳවා රිෂාඞ් බදියුදීන් මහතාගෙන් සාක්ෂි විමසීම දෙමළ බසින් සිදු කෙරුණා.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා -
” ඔබ නායකත්වය දරණ අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ අලවුදීන් නම් අයෙකු තනතුරක් දරණවාද ?”
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් -
” ඔව්. ඔහු මගේ පක්ෂයේ භාණ්ඩාගාරික වෙලා ඉදලා ඉන්පසුව උප භාණ්ඩාගාරික වෙලා අයින් වුණා. ”
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා -
” අලවුදීන්ගේ දියණිය කවුරුන් සමගද විවාහ වී සිටියේ ?”
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් -
” මම මාධ්‍ය හරහා දැනගත්තා ඇයගේ සැමියා බෝම්බ පුපුරවපු ස්වයංඝාතකයෙක් වුණ ඉන්ෂාෆ් අහමඞ් කියලා. ඔවුන්ගේ විවාහයට මමත් සහභාගී වුණා. ”
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා -
” ඔබ ඒ දෙදෙනාගේ විවාහයේ සාක්ෂිකරුවකු ලෙස අත්සන් කළා නේද ?”
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් -
” අලවුදීන්ගේ ඉල්ලීම මත මා අත්සන් කරන්න ඇති. මට හරියටම මතක නැහැ. ”
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා -
” ඉන්ෂාෆ් අහමඞ් ඔබට දුරකතන ඇමතුම් අරගෙන තිබුණා නේද ?”
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් -
” මගේ අංකයට අරන් තිබුණා. නමුත් මම ්බිඇර කළේ නැහැ. මගේ පෞද්ගලික සහකාර තමයි කතා කරලා තිබුනේ මම ඉමිහ නිසා. ”
ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -
” ඒ කියන්නේ ඉන්ෂාෆ් අහමඞ් ළඟ ඔබේ දුරකතන අංකය තිබුණනේ නේද ?”
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් -
” ස්වාමීනි මේකයි.. ස්වාමීනි මේ... මගේ වෙඞ් අඩවියේ මගේ නොම්බර ඔක්කොම දාලා තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ගන්න පුලුවන් මගේ නම්බරේ ඒකෙන්. ”
ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -
” හරි හරි කලබලවෙන්න එපා. අපි වරදකට නෙවෙයි අහන්නේ. අපිට පැහැදිලි කරගන්නයි අවශ්‍ය වුණේ..”
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් -
” නැහැ ස්වාමීනි මම එහෙම කිව්වේ මෙතන මාධ්‍ය ඉන්නාවා. ඕක තමයි ඒගොල්ලන් හෙඞ්ලයින් එකට දාගන්නේ මගේ නොම්බරේ තිබ්බා කියලා. මේ අන්තවාදය එක්ක මුස්ලිම් දේශපාලනය ඉවර කරන්න තමයි මේ මාධ්‍ය බලන් ඉන්නේ..”
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා -
” ඉන්ෂාෆ් අහමඞ් සමග ඔබේ සහෝදර රියාජ් බදියුදීන්ගේ සම්බන්ධකමක් තිබුණාද ?”
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් -
” ආයෝජන සම්බන්ධයෙන් කටයුතු කරන්න ඇති. නමුත් ඔවුන් හමුවී තිබෙනවා ද කියලා මම දන්නේ නැහැ. අර ඔවුන්ගේ තඹ කර්මාන්තයට බඩු ගන්නනම් ඉල්ලීම් කර තිබුණා. ඒ මුල් අවස්ථාවල හරියට වුණේ නැති වෙලාවෙදි රියාජ්ට කියලා තිබුණා ඉන්ෂාෆ්ලා උසාවියෙදි බලා ගමු කියලානම් ”
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා -
” ඔය සහෝදර බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන මොහොමඞ් ඊබ්‍රාහිම් ඔබ හදුනනවාද ?”
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් -
” මම කර්මාන්ත ඇමති නිසා ඔහු ඇවිත් මා ඒක සාකච්ඡා කරලා තියෙනවා. ”
අනතුරුව පාස්කු ප්‍රහාරයට පසු දෙහිවලදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවකු සම්බන්ධයෙන් එවකට යුධ හමුදාපතිවරයාගෙන් රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සිදුකර තිබූ විමසීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ප්‍රශ්න කළා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් -
“ මම එතකොට අමාත්‍යවරයෙක්. තාත්තා කෙනෙක් මට කතා කරලා කිව්වා කවුදෝ මුහුණ ආවරණය කරගත් කණ්ඩායමක් ඇවිත් එයාගෙ දරුවව අරන් ගියා. ඒ දරුවා ජීවතුන් අතර ඉන්නවාද කියලා හොයලා දෙන්න කියලා. ඒ නිසා තමයි මම ඒ දෙහිවල ගෙදරට ගියේ. ඒ මුයිනුදීන් කියන පුද්ගලයා පරිපාලන සේවයේ නිලධාරියෙක් නිසා මම ඒ උදව්ව කළේ. ”
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා -
” මුයිනුදීන් කියන අත්අඩංගුවට ගත් කෙනාගෙ පුතා සහරාන්ගේ නේවාසික දේශනවලට සහ අවිපුහුණුවලට සහය වූ කෙනෙක් කියලා ඔබ දන්නවාද ?”
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් -
” නැහැ. දැනටත් මම දන්නේ නැහැ. මං වගකීමෙන් කියන්නේ ”
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා -
” ඔබ මේ මුයිනුදීන්ගේ පුතා සම්බන්ධයෙන් හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් අවස්ථා තුනකදී දුරකතන ඇමතුම් අරගෙන විමසුවද ‘ඔහු සම්බන්ධයෙන් යමක් කරන්න පුලුවන් ද?‘ කියලා ?”
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් -
” එහෙම නෙවෙයි ස්වාමීනි. මම මුලින්ම දෙහිවල පොලිස් ස්ථානාධිපතිට කෝල් කළාම කිව්වා අත්අඩංගුවට ගත්තේ නැ කියලා. ඊට පස්සෙ එස්.එස්.පී. කෙනෙක්ගෙන් ඇහුවාම කිව්වා එයත් දන්නැ කියලා. මං ඇහුවා එහෙනම් කවුද මූණු වහන් ඇවිත් ඇරෙස්ට් කරන්නෙ කියලා. එතකොට කිව්වා හමුදාව ආවද දන්නැ කියලා. මං ඒ නිසා තමයි මහේෂ් සේනානායකට ඇමතුමක් ගත්තේ. අරන් ඇහුවෙ මෙහෙම කෙනෙක් ඉන්නවද ජීවතුන් අතර කියලා. ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මං ආයෙ කතා කළේ නැහැ ”
සාක්ෂිකාර රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් වැඩිදුරටත් සාක්ෂි විමසීම හෙට පෙරවරුව තෙක් කල්තැබුණා.
Share This Article