මහ පාරේ අකුරු කළ බදුරලියේ සිසුන්ට සති දෙකක් තුළ 4G පහසුකම්
Friday, 20 November 2020 - 12:54 | Views - 387
බදුරලිය - කෙලින් කන්ද ගම්මානයේ ළමයින් පිරිසක් ෆෝ-ජී තාක්ෂණය හිඟකමින් මාර්ගයක වාඩි වී අධ්‍යයන කටයුතුවල නිරත වන අයුරු සමාජ මාධ්‍ය හරහා පළ වීමත් සමඟ එම ප්‍රදේශයට ෆෝ-ජී තාක්ෂණය ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔෂඳ සේනානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සති දෙකක් ඇතුළත එම ප්‍රදේශයට ෆෝ-ජී තාක්ෂණය ලබාදෙන බවයි. සමාජ මාධ්‍යයේ පළ වූ සිද්ධියට සම්බන්ධ ප්‍රදේශයේ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් පිරිසක් සංචාරය කළ අතර, ඊට එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාද ඇතුළත් වුණා.  
එමෙන්ම, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔෂඳ සේනානායක වැඩිදුරටත් සඳහන් කළේ මොණරාගල - මියාගල ගම්මානයට ලබන අඟහරුවාදා දිනයේ ගොස් එහි පවතින සන්නිවේදන ගැටළුවලට විසඳුම් ලබාදෙන බවයි.  

මේ අතර, රත්නපුර නගරයේ කුළුණු 38 ක් ඉදිකර ගමට සන්නිවේදනය වැඩසටහනේ පළමු අදියර ලෙස ෆෝ-ජී තාක්ෂණය ලබාදීමට නියමිතයි. ඒ සඳහා අයවැයෙන්ද මුදල් වෙන්කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක වන ශ්‍රියානි මාවැල්ලගේ ප්‍රකාශ කළා. එමෙන්ම, දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,022 ටම 2022 ජූලි මාසය වනවිට ෆෝ-ජී තාක්ෂණය ලබාදී අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top