ශ්‍රී ලාංකිකයින් 148 දෙනෙකු දිවයිනට
Friday, 20 November 2020 - 11:42 | Views - 1,003
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 04 ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 148 දෙනෙකු අද අලුයම මෙරටට පැමිණියා.
විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල යටතේ ඔවුන් දිවයිනට පැමිණ තිබෙනවා.
මෙම පිරිස අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 83 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිටි පුද්ගලයෙකු සහ ඕස්ට්‍රේලියාවේ සිටි පනස් දෙදෙනෙකුද වනවා.
ඊට අමතරව ජපානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකුද මෙලෙස අද දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු කියා සිටියේ.
Share This Article