සති අන්තයේ සියලු මගී දුම්රිය අවලංගුයි
Friday, 20 November 2020 - 11:30 | Views - 372
ඉදිරි සති අන්තයේදී මගී දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බවයි එහි සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මේ අතර, සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සහ මුව ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් මේ දක්වා ගත වූ කාලය තුළ පුද්ගලයින් 358 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඊට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.
Share This Article