බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට සහ පවුලේ සාමාජිකයින්ට කොරෝනා වැළඳී නැහැ
Friday, 20 November 2020 - 10:37 | Views - 319
බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කොවිඩ් පරීක්ෂණ කිහිපයක් සදහා පෙනී සිට තිබෙනවා .
ඔහුගේ පෞද්ගලික රියදුරු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු නව කොරෝනා වයිරස වැළදීමෙන් පසුව සල්මන් ඛාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කොවිඩ් -19 පරීක්ෂණයකට භාජනය වී තිබෙනවා . කෙසේ වෙතත්, එම වාර්තාවට අනුව සල්මාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට කොරෝනා වැලඳී නැති බවටයි සදහන් වන්නේ .
මේ වන විට සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් තම නිවසට වී ස්වයං නිරෝධායනයේ දී සිටින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සල්මාන් ඛාන්ගේ රියදුරු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු මේ වන විට මුම්බායි හි රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටින බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
ඉන්දීය මාධ්‍ය ඇසුරෙනි...
Share This Article