ශ්‍රී ලංකාවත්, බ්‍රිතාන්‍යයේ නිරෝධායනය අවශ්‍ය නොවන රටවල් අතරට
Friday, 20 November 2020 - 9:25 | Views - 3,245
ශ්‍රී ලංකාවේ සිට නැවත බ්‍රිතාන්‍යය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජය ඊයේ නිවේදනය කළා.
හෙට සිට ක්‍රියාත්මක එම නව රටවල් ලැයිස්තුවට ඊශ්‍රායලයද ඇතුළත්.
මීට පෙර ඕස්ටේ්රලියාව, නවසීලන්තය, හොංකොං, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව ඇතුළු රටවල් 11 ක සිට නැවත පැමිණෙන පුද්ගලයින්ට නිරෝධායනය අවශ්‍ය නොවන බව බි්රතාන්ය ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණා.
එලෙස නිරෝධායනය අවශ්‍ය නොවන ලැයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ කොරෝනා අවදානම අඩු රටවලට බව සඳහන්.
කෙසේ නමුත්, බි්රතාන්යයේ සිට වෙනත් රටවලට සංචාරය කිරීම රැකියා, අධ්‍යාපනය ආදී අත්‍යවශ්‍ය කටයුතුවලට සීමා කර තිබෙනවා.
Share This Article