නිසි වැඩපිලිවෙලකින් තොරව පාසල් විවෘත නොකරන්නැයි ගුරු සංගම්වලින් ඉල්ලීම්
Friday, 20 November 2020 - 8:26 | Views - 375
බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු ප්‍රදේශවල පාසල් තුන්වන වාරය ලබන සඳුදා ආරම්භ කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණයට ලංකා ගුරු සංගමය විරෝධය පළ කරනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලිං ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ පාසල් ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය උපදෙස් අනුව දරුවන් කටයුතු කළ යුතු ආකාරය ගැන නිසි වැඩපිලිවෙලක් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

කෙසේ වෙතත්, බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු ප්‍රදේශවල පාසල්වල 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා තුන්වන වාරය නොවැම්බර් 23 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ඊයේ ප්‍රකාශ කළා.

මේ අතර, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉහළ දැමීම තුළින් දරු දැරියන්ට අසාධාරණයක් සිදු ව ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top