LPL පුහුණුවීම් 23 දා ඇරඹෙයි
Thursday, 19 November 2020 - 16:07 | Views - 380
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ලබන 23 වැනිදා සිට සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය. මෙම තරගාවලියට සහභාගි වන ටෙස්ට් සංචිතයට ඇතුළත් නොවන ක්‍රීඩකයන් සහ විදේශීය ක්‍රීඩකයන් 10 ක් පමණ මේ වන විට හම්බන්තොට සහ අවට හෝටල් කීපයක නේවාසිකව සිටිති.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ විශේෂ පුහුණු සැසියට සහභාගි වී සිටින එල්.පී.එල්. තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් ලබන 22 වැනිදා හම්බන්තොට හෝටල්වලට පැමිණීමට නියමිතය.
ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයන් 22 දෙදෙනා අද (19) මහනුවරදී පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුවීමට නියමිතය.
ලංකාදීප
Share This Article