වෛද්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ලංකාවේ සිදුකළ විශ්මිත සැත්කම
Thursday, 19 November 2020 - 14:20 | Views - 333
වෛද්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ප්‍රථම වරට අධි බලැති ලේසර් කිරණ මගින් රෝගියෙකුගේ වකුගඩුවේ තිබූ  ගලක් සාර්ථකව ඉවත් කිරීමට කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වකුගඩු සහ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විශේෂඥ කලණ පරණපල්ලියගුරුගේ මහතා ඇතුලු වෛද්‍යවරුන් සහ හෙද හෙදියන්ගේ සහභාගීත්වයෙන් මෙම ශල්‍ය කර්මය ඊයේ සිදුකර තිබෙනවා.
 
කළුතර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකුගේ දකුණු වකුගඩුවේ තිබූ ගල ඉවත් කිරීමේ මෙම  ශල්‍ය කර්මයට වැය වී ඇත්තේ පැය එක හමාරක් වැනි කාලයක්.

අදාළ රෝගියාගේ වකුගඩුවේ තිබූ  4cmක් පමණ වන ගලක් වොට් 140ක අධි බලැති ලේසර් කිරණ මගින් සාර්ථකව කුඩු කර මුත්‍රා මාර්ගය හරහා ඉවතට ගැනීමට වෛද්‍ය කණ්ඩායම සමත්  වුණා.

ඒ සඳහා එම පුද්ගලයාගේ පිටකොන්දේ සිදුකළ කැපුම මිලිමීටර් 4ක තරම් කුඩා එකක්.

ශල්‍ය කර්මයට භාජනය වූ මෙම පුද්ගලයාට දින කිහිපයකින් යළි සුපුරුදු පරිදි සිය කාර්යයන්වල නිරතවීමට හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මීට වසර 8කට පමණ පෙර ද මොහුගේ  වකුගඩුවේ තිබූ ගලක් ඉවත් කර තිබුණා.

නමුත් එහිදී අඟල් 8පමණ විශාල කැපුමක් සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී තිබෙනවා.

මෙම සැත්කම සඳහා යොදාගත්  high power lazzer යන්ත්‍රය මෙරට දී ශල්‍ය කර්මයක් සඳහා භාවිත කර ඇත්තේ පළමු වරටයි.

මෙම ශල්‍ය කර්මයෙන් ලැබූ සාර්ථකත්වය ඉදිරියේදී  තවත් ජීවිත රැසක් සුවපත් කිරීමට ඉවහල් වනු ඇති බවට නොඅනුමානයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top