වෛද්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ලංකාවේ සිදුකළ විශ්මිත සැත්කම
Thursday, 19 November 2020 - 14:20 | Views - 334

වෛද්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ප්‍රථම වරට අධි බලැති ලේසර් කිරණ මගින් රෝගියෙකුගේ වකුගඩුවේ තිබූ ගලක් සාර්ථකව ඉවත් කිරීමට කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වකුගඩු සහ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විශේෂඥ කලණ පරණපල්ලියගුරුගේ මහතා ඇතුලු වෛද්‍යවරුන් සහ හෙද හෙදියන්ගේ සහභාගීත්වයෙන් මෙම ශල්‍ය කර්මය ඊයේ සිදුකර තිබෙනවා.
කළුතර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකුගේ දකුණු වකුගඩුවේ තිබූ ගල ඉවත් කිරීමේ මෙම ශල්‍ය කර්මයට වැය වී ඇත්තේ පැය එක හමාරක් වැනි කාලයක්.
අදාළ රෝගියාගේ වකුගඩුවේ තිබූ 4cmක් පමණ වන ගලක් වොට් 140ක අධි බලැති ලේසර් කිරණ මගින් සාර්ථකව කුඩු කර මුත්‍රා මාර්ගය හරහා ඉවතට ගැනීමට වෛද්‍ය කණ්ඩායම සමත් වුණා.
ඒ සඳහා එම පුද්ගලයාගේ පිටකොන්දේ සිදුකළ කැපුම මිලිමීටර් 4ක තරම් කුඩා එකක්.
ශල්‍ය කර්මයට භාජනය වූ මෙම පුද්ගලයාට දින කිහිපයකින් යළි සුපුරුදු පරිදි සිය කාර්යයන්වල නිරතවීමට හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
මීට වසර 8කට පමණ පෙර ද මොහුගේ වකුගඩුවේ තිබූ ගලක් ඉවත් කර තිබුණා.
නමුත් එහිදී අඟල් 8පමණ විශාල කැපුමක් සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී තිබෙනවා.
මෙම සැත්කම සඳහා යොදාගත් high power lazzer යන්ත්‍රය මෙරට දී ශල්‍ය කර්මයක් සඳහා භාවිත කර ඇත්තේ පළමු වරටයි.
මෙම ශල්‍ය කර්මයෙන් ලැබූ සාර්ථකත්වය ඉදිරියේදී තවත් ජීවිත රැසක් සුවපත් කිරීමට ඉවහල් වනු ඇති බවට නොඅනුමානයි.
Share This Article