මේ වන විට ලෝකයේ ජිවත්වන අන්තිම සුදු ජිරාෆ් සැරිසරන ප්‍රදේශයේ ආරක්ෂාව සදහා මෙන්ම මෙම සත්වයා සිටින ස්ථානය දැන ගැනීම සදහා එම සත්වයාට ජීපීඑස් තාක්ෂණය මගින් සොයා ගැනීමේ උපකරණයක් සවි කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
එමගින් මෙම හුදකලා පිරිමි ජිරාෆ්් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බටයි සදහන් වන්නේ .
මෙම සත්වයා මේ වන විට ඊසානදිග කෙන්යාවේ ජිවත්වන අතර එම සත්වයාට දුර්ලභ ජානමය තත්වයක් තිබෙන බැවින් එය සමේ වර්ණක නැති වීමට හේතු වන බවටයි සදහන් වන්නේ .
පසුගිය මාර්තු මාසයේදී දඩයම්කරුවන් විසින් ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීමෙන් පසු මෙම සත්ව එම වර්ගයේ අන්තිම සත්වයා හැටියටයි සැලකෙන්නේ .
කෙසේවෙතත් මෙම දුර්ලභ සත්වයා දඩයක්කරුවන්ගෙන් බේරා ගැනීම සදහා අදාළ බලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
විදෙස් මාධ්‍ය ඇසුරෙනි..

