තර්ජනයක් නැති හුදකලා ප්‍රදේශ ලබන සතියේ විවෘත වන ලකුණු
Thursday, 19 November 2020 - 13:04 | Views - 3,707
තර්ජනයක් විය හැකි ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශ ලබන සතිය තුළ හුදකලාභාවයෙන් නිදහස් කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ දිනවල ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.
එමෙන්ම, සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය තවදුරටත් යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
මේ අතර, පෞද්ගලික උපකාරක පන්ති අත්හිටුවා ඇති මොහොතක පානදුර තොටවත්ත ප්‍රදේශයේ උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරයෙකු පානදුර - උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උපකාරක පන්තියට සහභාගි වූ සිසුන් සියලුදෙනාම නිවසේම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර, අදාළ ගුරුවරයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද පොලීසිය සඳහන් කළා.
Share This Article