තර්ජනයක් නැති හුදකලා ප්‍රදේශ ලබන සතියේ විවෘත වන ලකුණු
Thursday, 19 November 2020 - 13:04 | Views - 3,708
තර්ජනයක් විය හැකි ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශ ලබන සතිය තුළ හුදකලාභාවයෙන් නිදහස් කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

 හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ දිනවල ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.

එමෙන්ම, සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය තවදුරටත් යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මේ අතර, පෞද්ගලික උපකාරක පන්ති අත්හිටුවා ඇති මොහොතක පානදුර තොටවත්ත ප්‍රදේශයේ උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරයෙකු පානදුර - උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපකාරක පන්තියට සහභාගි වූ සිසුන් සියලුදෙනාම නිවසේම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර, අදාළ ගුරුවරයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද පොලීසිය සඳහන් කළා.  
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top