වරක්ස් අයියා සුවෙන් - අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්න
Thursday, 19 November 2020 - 10:51 | Views - 803
ප්‍රවීන රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ පිළිබඳ ව්‍යාජ පුවතක් මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍යයේ සංසරණය වන්නට වූවා.

ඒ පිළිබඳ  දයාන් විතාරණ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්.......................

වරක්ස් අයියා සුවෙන් සිටී,
අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්න .........

අද දෙවැනි වරටත් අප ආදරණීය රංගනවේදී විජේරත්න වරකාගොඩ පිළිබඳ ව්‍යාජ පුවතක් මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍යයේ සංසරණය වන අයුරු දැකීම කණගාටුවට කරුණක් විය. පළමුව පැවසිය යුත්තේ මා මීට සුළු මොහොතකට පෙර ඔහුගේ පුතු ජනනාත් වරකාගොඩ ඇමතූ අතර ඉන් මා අප ආදරණීය වරක්ස් අයියා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් නිවසේ පසුවන බව සනාථ කොට දැනගත් බව ය.

මුහුණුපොත තුළ මෙන්ම විවිධ පිටු ඔස්සේ මෙවැනි අසත්‍ය දේ වපුරන පිරිස් ඉන් තමන්ගේ නරඹන්නන් සහ ග්‍රාහක පිරිස් තරකර ගැනීමට දරන නින්දිත ප්‍රයත්නය දැඩි සේ පිලිකුල්ව හෙළා දකින්නෙමි. එමෙන්ම අපේ බොහෝ දෙනෙක් ද පුවතක් දුටු සැණින් ඒ පිළිබඳ නොසොයාම එය සංසරණය වීමේ කර්යයට හවුල් වීම තවත් ඛේදයකි. මේ ඛේදනීය ප්‍රචාරයන්ට නතු වූ පළමුවැනියා වරක්ස් අයියා නොවුණත්, අවසාන තැනැත්තා ඔහු වන්නේ නම් එය සතුටකි. මන්ද මෙවැනි අසත්‍ය දේ හමුවේ බොහෝ දෙනෙක් කලබලයට පත්ව ඇමතුම් ලබාදෙමින් ඒ පිළිබඳ සොයාබැලීම එම කලාකරුවන්ට සහ පවුලේ හිතවතුන්ට ද විටෙක කරදරයක් විය හැකි බැවිනි.

මුහුණුපොත වැනි සමාජ මාධ්‍යයන් පරිහරණය කරන විට අප සෑම දෙයක් පිළිබඳවම වගකීමෙන් කතා කිරීම වටින අතර, එසේ වගකීමක් සහිතව සටහනක් හෝ ප්‍රකාශයක් තබන පිරිසකගේ තොරතුරක් වුව කිහිප වතාවක් සොයා බලා ඔබ කටයුතු කරන්නේ නම් වඩා යෝග්‍ය බව හැඟේ.

ආදරණීය වරක්ස් අයියා තෙරුවන් සරණින් එළඹෙන 21 වැනි සෙනසුරාදා 87 වැනි වියට පිවිසෙන අතර ඒ වෙනුවෙන් දිනේෂ් විජේසිංහ ලියා ජනනාත් සංගීතවත් කොට උපහාර ගීතයක් ද නිර්මාණය කොට එය රූපවාහිනී වැඩසටහන් ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ද සියල්ල සූදානම් ය. එනිසාවෙන් ආදරණීය වරක්ස් අයියාය සුව සෙත පතන අතරම මින්මතු හෝ ඔබ නිසි ලෙස සොයාබලා කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන්නෙමි.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top