එකම දිනයේ මව සහ පුතෙකු මිය යෑමේ භූමදානය කිරීමේ අහඹු සිදුවීමක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හීනුග්ගල ගම්මානයෙන් ඊයේ දින වාර්තා විය.
මෙසේ මියගොස් සිටියේ හීනුග්ගල ප්‍රදේශයේ පදිංචි පී. බී . ජි .චන්ද්‍රලතා (69) මව සහ එච්.. එම් .රවින්ද්‍ර ගුණතිලක (43) ඇයගේ පුතා වෙයි.
මෙම මව හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයකින් දඹුල්ල රෝහලට ඇතුලත් කොට පසුව සුව වී නිවසට කැඳවාගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට රැගෙන ගොස් සිටියදී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබිණි.
ඇයගේ පුතා රවින්ද්‍ර ගුණතිලක මහතා වකුගඩු රෝගීන් පෙළෙමින් සිටි අතර ඔහු ද එක වරම අසනීප තත්ත්වය මතුවි දඹුල්ල රෝහලට ඇතුලත් කොට මව මියගොස් පැය දහයක් පමණ ගත වෙද්දී දඹුල්ල රෝහලේදී මිය ගිය බව ඥාතීන් පවසයි.
මෙම පුතුගේ සහ මවගේ දේහයන් දෙකම එකම නිවසේ එකම ස්ථානයේ තබා හීනුග්ගල පොදු සුසාන භූමියේදී 18 දින එකම ස්ථානයේ මිහිදන් කිරීමට ඥාතීහු පියවර ගනු ලැබූහ.
මෙම වකුගඩු රෝගයෙන් පෙළුණු රවින්ද්‍ර ගුණතිලක මහතා දියණියන් සිව් දෙනකුගේ පියෙකි .ඉතා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ කාලයක් තිස්සේ වකුගඩු රෝගය පෙළුණු රවින්ද්‍ර ගුණතිලක මහතාගේ බිරිඳ ගඩොල් කපමින් දැඩි වෙහෙසක් දරමින් දියණියන් සිව් දෙනා ජීවත් කරවමින් සිටියාය . පසුගියදා මෙම අසරණ පවුල පිළිබඳව ජනමාධ්‍ය මගින් අප විසින් ප්‍රචාරයක් ලබා දීමෙන් අනතුරුව මෙම පවුලේ අයට බොහෝ දානපතියන්ගේ උදව් උපකාර ලැබිණි .
එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ ව්‍යාපාරිකයෙකු ඔහුගේ පවුලේ පිරිසක් විසින් ඔවුන්ට නව නිවසක්ද තනා දීම ආරම්භ කොට එහි ඉදිකිරීම් අවසන් අධියරේ තිබීම විශේෂත්වයකි.
මෙම මියගිය රවින්ද ගුණතිලකට නිවසේ සිට රෝහලට ගොස් ලේ පිරිසුදු කරගැනීම සඳහා වූ ගමන් කිරීමට ත්‍රීරෝද රථයක් ද ලබාදී තිබිණි.
මිය යෑමට දින දෙකකට පෙර රවින්ද්‍ර ගුණතිලක තමන්ට නිවස වැඩ අවසන් වනවා දැක ව්‍යාපාරිකයාට දුරකතනයෙන් කතා කොට තමන්ට දැන් ඇස් දෙක පියා ගැනීමට හැකි බවත් දියණියන් සිව් දෙනාට සහ බිරිඳට නිවස සහ යම්කිසි ආර්ථික තත්ත්වයක් ඇති බව පවසා තිබේ.
මෙම මව තම දරුවා විඳින දුක පිළිබඳව එදා සිටම දැඩි කනස්සල්ලෙන් පසු වූ චන්ද්‍රලතා මෑණියන් තම දරුවා කුඩා නිවසක අසාදිතව කල් ගෙවන බව ජනමාධ්‍ය වෙත දැනුම් දී හැඬු කඳුළින් කියා සිටියේ මෙම දරුවන්ට වැටී නිදා ගන්න තැනක් තනා දෙන ලෙසය. ඇයද නිමවෙමින් තිබු නිවසේ ඉදිකිරීම් කටයුතු බලා දැඩි සතුටින් පසු වූවාය.
පසු ව අවසානයේ දෙදෙනාටම නව නිවසේ එක රැයක් හෝ නිදා ගැනීමට වාසනාව අහිමි වීය. මව සහ පුතා එකම දිනයේ මියගොස් එකම දිනයේ මිහිදන්විය .
දඹුල්ල කාංචන කුමාර ආරියදාස -ෆේස්බුක් පිටුවෙනි...