සිල්රෙදි නඩුවෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස්
Thursday, 19 November 2020 - 10:33 | Views - 295
සිල්රෙදි බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර 03 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමව සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ විදුලි සංදේශ සහ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස් කිරිමට අභියාචනාධිකරණය අද තීන්දු කළා.

2015  ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 600 ක් වැය කර දිවයින පුරා විහාරස්ථානවලට සිල්රෙදි බෙදා දීම සම්බන්ධයෙන් ඔවුන්ට සිරදඩුවම් සහ දඩ නියම කර තිබුණේ කොළඹ මහාධිකරණය මගින්.

පසුව ඔවුන් සිදුකළ ඇප පෙත්සම් සලකා බලා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට කොන්දේසි සහිත ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණය පියවර ගත්තා.

අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් අද සඳහන් කළේ ඔවුන් දෙදෙනා තමන්ට නීත්‍යානුකූලව හිමි බලය යටතේ අදාළ සිල්රෙදි බෙදා දීම සිදුකර ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top