සිල්රෙදි නඩුවෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස්
Thursday, 19 November 2020 - 10:33 | Views - 296
සිල්රෙදි බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර 03 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමව සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ විදුලි සංදේශ සහ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස් කිරිමට අභියාචනාධිකරණය අද තීන්දු කළා.
2015 ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 600 ක් වැය කර දිවයින පුරා විහාරස්ථානවලට සිල්රෙදි බෙදා දීම සම්බන්ධයෙන් ඔවුන්ට සිරදඩුවම් සහ දඩ නියම කර තිබුණේ කොළඹ මහාධිකරණය මගින්.
පසුව ඔවුන් සිදුකළ ඇප පෙත්සම් සලකා බලා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට කොන්දේසි සහිත ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණය පියවර ගත්තා.
අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් අද සඳහන් කළේ ඔවුන් දෙදෙනා තමන්ට නීත්‍යානුකූලව හිමි බලය යටතේ අදාළ සිල්රෙදි බෙදා දීම සිදුකර ඇති බවයි.
Share This Article